Encyclopedia

Encyclopedia

Tuesday, July 5, 2016

බ්‍රිතාන්‍ය විශ්වකෝෂ


බ්‍රිතාන්‍ය විශ්වකෝෂය 


මෙම විශ්වකෝෂය තරමක් මිල අධික බැවින් ශ්‍රී ලංකාවේ පුස්තකාල හා තොරතුරු මධ්‍යස්ථාන කිහිපයක පමණක් දැකිය හැකිය.එසේම ප්‍රධාන පෙළේ විමර්ශන පුස්තකාල විශ්ව විද්‍යාල පුස්තකාල පර්යේක්ෂණ මධ්‍යස්ථාන හා විශේෂ පුස්තකාලවලට මෙය මිලදී ගත හැකිය.

තවද දිවයිනේ ඇති ප්‍රධාන පෙළේ මහජන පුස්තකාලවල විමර්ශන අංශවලට ද මෙය මිළදී ගෙන හෝ පරිත්‍යාග වශයෙන් අත්පත් කර ගෙන තිබිය හැකිය.කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය විශ්වකෝෂය ද මිමර්ශන පුස්තකාලයක තිබිය යුතු වටිනා මුලාශයක් වශයෙන් කැපී පෙනෙයි.මෙහි නව සංස්කරණය ලබා ගැනීමට හැකියාව ඇත්නම් එය වඩාත් යහපත් ලක්ෂණයකි.



වර්තමානය වන විට විශ්වකෝෂ මාර්ගගත එනම් online ලෙසද අන්තර්ජාලයට එක් වී ඇත.නිදසුනක් ලෙස බ්‍රිතාන්‍ය විශ්වකෝෂය හදුන්වා දිය හැක.

පහත පින්තූරය යටින් දී ඇති ලින්ක් එක ක්ලික් කිරීමෙන් ඔබට ද බ්‍රිතාන්‍ය විශ්වකෝෂය Online  භාවිතා කිරීමට මෙම බ්ලොග් අඩවිය හරහා අවස්ථාව හිමි කර දී ඇත.



පොදුවේ සළකා බැලූවිට බ්‍රිතාන්‍ය විශ්වකෝෂය අනෙකුත් විශ්වකෝෂ වලින් වෙනස් වීමට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ.එනම් ආකල්පමය හා ප්‍රමාණාත්මක අතින් අපක්ෂපාතීත්වයක් පවත්වා ගෙන යාමට දරා ඇති උත්සාහයයි.එසේම වෘත්තීය හා කාර්මික ක්ෂේත්‍රවල පාරිභාෂික වචන හා යෙදුම් භාවිතා කොට තිබෙන්නේ සංකල්පමය වශයෙන් පැවසීමට ව්‍යවහාර ලෙස වචන සොයා ගත නොහැකි විටකදී ය.සාමාන්‍ය උපයෝජකයාගේ විමර්ශනාත්මක තොරතුරු අවශ්‍යතා සපුරාලීමේ අරමුණ ඇති ව සකසා ඇති බ්‍රිතාන්‍ය විශ්වකෝෂයේ අන්තර්ගත තොරතුරු බොහෝ විට නියත හා නිවැරදි ආකාරයට දක්වා තිබීම අගය කළ හැකියි.තවද ග්‍රන්ථයේ භෞතික ස්වරූපය ගැන බැලූ විට හොද තත්වයේ කඩදාසි භාවිතය හා කල් පවත්නා කවරයකින් සකසා තිබීම මෙහි අගය තීවුර කිරීමට බලපා ඇති සාධකයයි.අන්තර්ජාතිකව ගත් කල ලෝකයේ බොහෝ රටවල් ගණනාවකම භාවිතයට ගනු ලබන්නේ බ්‍රිතාන්‍ය විශ්වකෝෂයයි.එබැවින් එය ද උපයෝජකයාට මෙම කෘතිය හා එහි අන්කර්ගතය සම්බන්ධයෙන් විශ්වාස තැබීමට අවකාශයකි.

Related Posts:

  • පටුන විශ්වකෝෂ AAOCC අප ඉගෙන ගත් දේ නිගමන සාරාංශය තොරතුරු ලබා ගත් මූලාශ්‍ර තුති කුසුම් … Read More
  • අප ඉගෙන ගත් දෑ මෙම පැවරුම සිදු කිරීම මගින්, විශ්වකෝෂයක් යනු කුමක්ද? විශ්වකෝෂ වර්ග මොනවාද? විශ්වකෝෂයක සීමා මොනවාද? විශ්වකෝෂයක වාසි හා අවාසි මොනවාද?  යන්… Read More
  • බ්‍රිතාන්‍ය විශ්වකෝෂ බ්‍රිතාන්‍ය විශ්වකෝෂය  මෙම විශ්වකෝෂය තරමක් මිල අධික බැවින් ශ්‍රී ලංකාවේ පුස්තකාල හා තොරතුරු මධ්‍යස්ථාන කිහිපයක පමණක් දැකිය හැකිය.එසේම… Read More
  • තුති කුසුම් අලුත් දේ අලුත් අයුරින් සොයා පිය නගන ගමනේදී මා වෙත දැනුම බුද්ධිය ලබා දීමේ පරම පිවිතුරු බවට මහා බලයක් වූ කැළණිය විශ්ව විද්‍යාලයේ අාචාර්ය S.A… Read More
  • තොරතුරු ලබා ගත් මූලාශ්‍ර ගූගල් ඇසුරින් පින්තූර භාවිතය විමර්ශන පුස්ථකාල - විජය ප්‍රේමදර්ශන Lecture handouts - Information sources You Tube B… Read More

0 comments:

Post a Comment