F

Encyclopedia

Encyclopedia

Tuesday, July 5, 2016

හැදින්වීම


Hs/2014/0019
K.Samith Darshana
LiSC11222 
Department of Library Science
University of Kelaniya



තොරතුරු මූලාශ්‍ර වර්ථමානයේදී මිනිසාට අත්‍යවශ්‍ය දෙයකි.දෛනිකව මිනිසාට තොරතුරු වලින් බැහැර විය නොහැක.මොහොතින් මොහොත ලොව පුරා සිදුවන නවමු සිදුවීම් දැන ගැනීමේ අදහසින් මිනිසා ජීවත් වෙයි.මේ නිසාම තොරතුරු මූලාශ්‍ර යන්න මිනිසාගේ ප්‍රබල සාධකයකි.ලේඛණ කලාවේ විකාශයක් සමග තොරතුරු මූලාශ්‍ර බිහිවීමේ සංධිස්ථාන 02 කි.

01.තායිලුන්ගේ කඩදාසිය සොයා ගැනීම
02.ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම

මෙසේ බිහි වූ තොරතුරු මූලාශ්‍ර වලින් එකක් වන විශ්වකෝෂ ලොව පුරා ඇති දැනුම ගබඩා කර ඇති මහා ධාන්‍යාගාරයක් වැනිය.මෙම බ්ලොග් අඩවිය මගින් විශ්වකෝෂ පිළිබද ඇගයීමක් සිදු කරයි.එම විශ්වකෝෂ අතරින් බ්‍රිතාන්‍ය  විශ්වකෝෂය පිලිබදව සාකච්චා කෙරේ. 





විමර්ශන සේවාව සදහා තොරතුරු සැපයීමට උදවු වන තවත් විශේෂ විමර්ශන මුලාශ්‍ර වර්ගයක් ලෙස කෝෂ ග්‍රන්ථ යටතේ මෙම විශ්වකෝෂ හැදින්විය හැක.සමස්ථ මානව දැනුම කිසියම් අයුරකින් සංවිධානය කොට වාර්තාගත කිරීම විශ්වකෝෂයක ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථය වේ. 

ඒ අනුව අත්හදා බැලීම් අත්දැකීම් හා සොයා ගැනීම්වල ප්‍රතිඵලයක් වශයෙන් විවිධ විෂය ක්ෂේත්‍ර වල ඉතා පුලුල් ගැඹුරු හා සංකීර්ණ ‍දැනුම් සම්භාරයක් ගොඩනගා ගෙන සකස් කර ඇති විශ්වකෝෂ වලින් ක්ෂණිකව  ‍තොරතුරු සොයා ගැනීමට පහසුවක් වෙයි.මෙහිදී උපයෝජකයාට අවශ්‍ය සියලුම තොරතුරු සැපයීමට නම් විශ්වකෝෂ බොහෝමයක් අවශ්‍ය වන්නේය.

විශ්වකෝෂයක අන්තර්ගත වන්නේ මානව දැනුමේ සැලකිල්ලක් හෙයින් කිසියම් විෂයයක් යටතේ තොරතුරු ගවේෂණය කරන්නෙකුට මෙම සැලකිල්ල පාදක කොටගෙන ඉතා ගැඹුරුන් තොරතුරු සෙවිය හැකිය.ඒ සදහා විශ්වකෝෂ ද විශාල මග පෙන්වීමක් කරයි.එබැවින් විශ්වකෝෂයකින් කෙරෙන්නේ දැනුම් සම්බාරය තෝරා ගත් විෂය ශීර්ෂයන් යටතේ කිසියම් අනුක්‍රමික අනුපිළිවෙලකට ඉදිරිපත් කිරීමයි.මේවා සම්පාදනය කිරීමේ දී විශේෂ කාර්යභාරයක් හා වගකීමක් සම්පාදකවරුන්ට හිමි වේ.ඒ අනුව මානව දැනුම විවිධ විෂයයන්ට වෙන්කර අදාළ විෂයයන් යටතේ සිටින ප්‍රවීණයන් ලවා සකස් කරවා ගැනීම හේතුවෙන් විශ්වකෝෂයක් තරමක් විශාලවීම වැළැක්විය නොහැක.එසේ හෙයින් ප්‍රධාන විශ්වකෝෂ බොහෝමයක් කාණ්ඩ කිහිපයකින් සකස් කර ඇති බව සුලභව දැකිය හැක.එසේම ඉහත ආකාරයට විශ්වකෝෂයකට ඇතුලත් විය යුතු විෂයයන් යටතේ තොරතුරු සංඛ්‍යාත්මකවද විශාලය.එබැවින් විශාල රචනා සංග්‍රහයකින් අවශ්‍ය තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීමට නම් ඒවා කිසියම් ප්‍රමිතියකට ඇතුලත් විය යුතු වේ.සාමාන්‍යයෙන් විශ්වකෝෂයක භාවිතා කරන රචනා අනුපිළිවෙල නම් අකාරාදි ක්‍රමයයි.එහෙත් සමහර විට මෙම ක්‍රමයද සියලුම ශීර්ෂයන් වෙත උපයෝජක අවධානය යොමු කිරීමට සමත් නොවේ.ඒ ආකාරයෙන් මනාව සකස් කරන ලද විශ්වකෝෂයක් විමර්ශන සේවාවේ කොදු ඇට පෙළ ලෙස හැදින්විය හැකිය.

තවද විමර්ශන සේවාවේ ජීවනාලිය විශ්වකෝෂය බවද විවිධ විද්වතුන් ප්‍රකාශ කර ඇති බැවින් මේ තුළින් විමර්ශන සේවාවට ලැබෙන පිටිවහල ඉතාමත් සුවිශාල බව පෙනේ.


විශ්වකෝෂ වර්ග

විශ්වකෝෂ ප්‍රධාන වශයෙන් කොටස් 03 කට වෙන් කර හදුනා ගත හැකිය.(Kumara,1987,p.168-169)

1.සියලු විෂය ක්‍ෂෙත්‍රයන්ට අයත් තොරතුරු අඩංගු විශ්වකෝෂ
2.එක් විෂයකට හෝ විෂයයන් කිහිපයකට පමණක් තොරතුරු අඩංගු විශ්වකෝෂ
3.සංක්ෂිප්ත තොරතුරු අඩංගු කර සකස් කරන ලද සංක්ෂිප්ත විශ්වකෝෂ

යනුවෙන් වර්ග කර දැක්විය හැකිය.පුස්ථකාල හා විඥාපන ක්ෂේත්‍රයට අනුව ග්‍රන්ථ විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කිරීමේදී ග්‍රන්ථ වර්ගීකරණයට ලක් වේ.මෙසේ කරනුයේ උපයෝජකයන්ට තොරතුරු කරා ප්‍රවේශ වීමේ පහසුව සලකා ගෙනය.

තවද ඉහත සංක්ෂිප්ත විශ්වකෝෂ ද කාණ්ඩයකට හෝ දෙකකට සීමාවිය හැක.මෙහිදී සංක්ෂිප්ත විස්තරයක් පමණක් පාදක කරගෙන හා තොරතුරු රැස්කර ගෙන අනුපිළිවෙලකට ගොනුකර සම්පාදනය කර ඇත.කෙසේ වතුදු විමර්ශන අංශයක තිබිය යුතු ක්ෂණික ව තොරතුරක් සැපයීය හැකි විමර්ශන මූලාශ්‍ර ලෙස උපයෝජකයන්ට ඉතා විශාල මෙහෙයක් මේ තුලින් ඉටුකර ගත හැක.මේ ආකාරයට කාලයෙන් කාලයට විශ්වකෝෂ රැසක් බිහි වෙමින් පවතී.එසේම නව විෂයයන් පිලිබදව පැහැදිළි විස්තරයක්, විග්‍රහයක් අත්කර ගැනීමට  මෙම විශ්වකෝෂ උදවු වන හෙයින් කිසියම් විෂයයක් යටතේ සාහිත්‍ය ගවේෂණයක් කිරීමට හෝ විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධව උපයෝජකයාට ලබා ගත හැකි තොරතුරුවල ප්‍රගතිය පිලිබදව සැළකිල්ලක් හෙවත් විග්‍රහයක් සැපයීමට විශ්වකොෂවලින් ඉටුවන මෙහෙය අති විශාල ය.


විශ්වකෝශයක සිමා

විශ්වකෝෂයක් මගින් උපයෝජකයාට අවශ්‍ය කරන සෑම තොරතුරක් සැපයීමට අපහසුය.එයින් ලැබෙන තොරතුරු යම් යම් විෂයයන් සම්බන්ධයෙන් පලකොට ඇති තොරතුරු නැවුම් හා සම්පූර්ණ ඒවා ලෙස සැලකීමද මුලාවක් වෙති.

ශීග්‍රයෙන් වර්දනය වන විෂයයන් පිලිබදව නවතම තොරතුරු ඇතුලත් කිරීමට විවිධ විශ්වකෝෂ නොයෙක් ක්‍රියාමාර්ග ගෙන ඇතත් විෂය ඥානයේ ශිග්‍ර වර්ධනය එයට අභියෝගයක් වී ඇත.

හොද විශ්වකෝෂයක් නිබන්ධ සම්පාදනය සදහා තෝරා ගන්නේ ඒ ඒ විෂයයන් සම්බන්ධ විශාරදයන් ය.නමුත් වාණිජ පරමාර්ථයන් සදහා සකස් කරනු ලබන ඇතැම් විශ්වකෝෂ අවම මිලකට විවිධ පුද්ගලයන් විසින් රචනා කර ඇති බව වර්තමාන වෙළද පොළ දෙස විමසිල්ලෙන් බැලීමේදී මනාව දිස්වේ.මෙහිදී විශේෂඥයින් පවා සමහර විට සීමාසහිත ඥානය වැනි දුර්වලකම් හේතුවෙන් විවිධ විෂයයන් සම්බන්ධයෙන් පූර්ණ දැනුමක් ලබා ගැනීමට අපොහොසත් වන අවස්ථා එමටය.

නිගමනයන්ට නො එලඹි නොයෙක් විෂයයන් සම්බන්ධයෙන් විවිධ ආකල්පයන් අන්තර්ගත වන සේ විශ්වකෝෂයක් සැකසීම අසීරු වේ.මතභේදයට තුඩු දෙන විෂයයන් ගැන විවිධාකාරයේ ආකල්ප ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කිරීම තුළින් ඇතැම් විශ්වකෝෂ දේශපාලනික හා ආගමික වැනි කරුණුවලදී ස්වකීය ආකල්පයන් අවධාරණය කරවිය හැක.

සෑම මට්ටමක උපයෝජක අවශ්‍යතා සපුරාලීමට විශ්වකෝෂයකට කිසිසේත් අපහසුය.ඒ අනුව පොදු උපයෝජක අවශ්‍යතා සපුරාලන විශ්වකෝෂයකට විශේෂ හෝ ළමා අවශ්‍යතා සපුරාලිය නොහැකිය.මෙවැනි සීමාකාරී සාධක හේතුවෙන් එක් විශ්වකෝෂයකින් පමණක් පුස්ථකාලයක අවශ්‍යතා සපුරාලිය නොහැකිය.එබැවින් විශ්වකෝෂ කිහිපයක් හෝ විමර්ශන අංශයක තිබීම වැදගත් වේ.

සාමාන්‍ය වශයෙන් හෝ පොහොසත් එකතුවක් ඇති විමර්ශන පුස්ථකාලයකදී හෝ අංශයකදී බහුලව දැකිය හැකි විශ්වකෝෂ කිහිපයක් පහත පරිදි වේ.

1.සිංහල විශ්වකෝෂය
2.බෞද්ධ විශ්වකෝෂය
3.දෙමළ විශ්වකෝෂය
4.බ්‍රිතාන්‍ය විශ්වකෝෂය
5.ඇමරිකන් විශ්වකෝෂය
6.ළමා හා යොවුන් විශ්වකෝෂය
7.පුස්ථකාල හා විඥාපන විද්‍යා විශ්වකෝෂය
8.පාසැල් විශ්වකෝෂය
9.සිංහල කුරුලු විශ්වකෝෂය
10.ශුද්ධ බයිබලය විශ්වකෝෂයක
11.නර්ථන වාග් විශ්වකෝෂය
12.විශ්ව ඥානකෝෂය
13.බුදුගුණ නාමාවලී බුද්ධනාම විශ්වකෝෂ
14.The Hutchinson Encyclopedia


15.The Guinness Encyclopedia of World History

16. Encyclopedia of Commerce & Management

17. Encyclopedia of Energy

18.The Encyclopedia of Life Science

19. Encyclopedia of Disaster Management

20.The  Focul Encyclopedia of Photography

21.International  Encyclopedia  of Buddhism

22.The Encyclopedia of Visual Arts

23. Encyclopedia of Environmental  Science



24.The Great Book of Archeology 



පිදුම

පිදුම

කුඩා කල සිට මෙමා හට

සිප් කිරි දී පෝෂණය කළ

දයාබර ගුරු මෑණියනි

පියාණනි…….     

සැග වී තිබූ මිණි කැට

කපා ඔපා හැඩ කළේ ඔබයි

වණ අරණක පිපි වනමල්

නැනෙන් ගුණයෙන් සුගන්ධය

හැමුවේ ඔබ නිසාමයි……

වියතුන් පඩිවරු ශේෂ්ඨයන්

බිහි කලේ ඔබයි……..

ඉගෙනුම නැමති රන් ගිනිසිලෙන්

 රත්නාලෝකය ඔබම වේ  සදා

නුවණැස පාදා ගුණ නැණ විහිදා

අපගේ දිවිමග එළිය කල

ඔබට මාගේ නමස්කාරය වේවා.........!



AAOCC සංකල්පය යටතේ විශ්වකෝෂ ඇගයීම

තොරතුරු මූලාශ්‍රයක් වන විශ්වෙකා්ෂ සංකල්ප පහක් යටතේ පැහැදිලි කළ හැකිය

1.Authority - සාධිකාරීත්වය
2.Accuracy - නිවැරද්‍යතාවය
3.Objectivity - විෂය මූලිකත්වය
4.Currency - වලංගු කාලයයි
5.Coverage - ආවරණයයි

Authority

Authority එනම් සාධිකාරීත්වය නැතහොත් විශ්වාස බවයි.විශ්වකෝෂයක Authority භාවය අනෙකුත් මූලාශ්‍ර හා සසදා බැලීමේ දී කැපී පෙනේ.සමස්ථ මානව දැනුම කිසියම් අයුරකින් සංවිධානය කොට වාර්තාගත කිරීම විශ්වකෝෂයක කාර්ය භාරය වේ.ඒ අනුව අත්හදා බැලීම් අත්දැකීම් හා සොයා ගැනීම්වල ප්‍රතිඵලයක් වශයෙන් විවිධ විෂය ක්ෂේත්‍ර වල ඉතා පුලුල් ගැඹුරු හා සංකීර්ණ ‍දැනුම් සම්භාරයක් විශ්වකෝෂ තුළ අන්තර්ගත වේ.ලොව පුරා ජනතාව ඔවුන්ගේ තොරතුරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රධාන වශයෙන්ම යොදා ගන්නා මූලාශ්‍රය වන්නේ විශ්වකෝෂයයි.මේවායේ පළ වන තොරතුරු වැරදි ඒවා වූවානම් බ්‍රිටැනිකා වැනි විශ්වකෝෂ මේ තරම් ජනතාව අතර ප්‍රසිද්ධ නොවනු ඇත.එමෙන්ම බ්‍රිටැනිකා වැනි විශ්වකෝෂ තමන්ගේ තොරතුරු වල විශ්වාසී බව රැක ගැනීමට පින්තූර හා විශ්වකෝෂය තුළ අඩංගු තොරතුරු විශ්වාසී බව ඔප්පු කිරීම සදහා වෙනත් මූලාශ්‍ර ද උපුටා දක්වා ඇත.පූර්ණ විශ්වකෝෂයක් නිර්ම‍ාණය කිරීම අතිශය දුෂ්කර හා සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර කර්තෘවරු එහි අඩංගු තොරතුරු වල විශ්වාසී බවටද වැඩි අවධානයක් යොමු කරයි.ඉහත තොරතුරු අනුව අපට නිගමනය කල හැක්කේ සෑම විටම විශ්වකෝෂයක් තුළ අඩංගු තොරතුරු විශ්වාසී බවින් යුතු බවයි. 
  • නිදසුනක් ලෙස බ්‍රිටැනිකා විශ්වකෝෂයෙහි විශ්වාසී බව සළකා බලමු.

බ්‍රිටැනිකා විශ්වකෝෂය  පූර්ණ කාලීන සංස්කාරකවරුන් 100 ක් පමණ හා නොබෙල් ත්‍යාගලාභීන් 110 සහ ඇමරිකානු ජනාධිපතිවරුන් පස් දෙනෙක් හා  4000 කට වඩා වැඩි දායක විසින් ලියා ඇත. වෙළුම් 32  සහ පිටු 32.640 දක්වා විහිදේ.එමෙන්ම මාර්ගගත කුමය යටතේ ද බ්‍රිටැනිකා විශ්වකෝෂය සකසා ඇත්තේද විශ්වාසී බව තහවුරු තර ගැනීම සදහාය.එමනිසාම බ්‍රිටැනිකා  විශ්වකෝෂය ලොව ප්‍රසිද්ධ වී ඇත්තේ ද ඒවායේ ඇති විශ්වාසී බව නිසාවෙනි.එමෙන්ම මෙම විශ්වකෝෂයේ හැදින්වීම හා ලිපි සම්පාදනය කළ අයගේ නාමයන් ආදි විශ්වකෝෂය පිළිබද පාදක විස්තර සටහන් කිරීමට  ආයෝජන කොටස යනුවෙන්  කොටසක්ද වෙන් කර ඇති  බව පෙනේ.මේ සදහා එක් කණ්ඩායමක් ම වෙන් කර ඇත.මෙමගින් තහවුරු වන්නේ විශ්වාසී බව රැකගැනීම උදෙසා බ්‍රිටනිකා විශ්වකෝෂය ගෙන ඇති පියවරයි.

එමෙන්ම  ආකල්පමය හා ප්‍රමාණාත්මක අතින් අපක්ෂපාතීත්වයක් පවත්වා ගෙන යාමට දරා ඇති උත්සාහයයි මගින්ද හෙළි වනුයේ බ්‍රිතාන්‍ය විශ්වකෝෂයේ ඇති විශ්වාසී භාවයයි.අන්තර්ජාතිකව ගත් කල ලෝකයේ බොහෝ රටවල් ගණනාවකම භාවිතයට ගනු ලබන්නේ බ්‍රිතාන්‍ය විශ්වකෝෂයයි.එබැවින් එය ද උපයෝජකයාට මෙම කෘතිය හා එහි අන්තර්ගතය සම්බන්ධයෙන් විශ්වාස තැබීමට අවකාශයකි.










Accuracy


Accuracy හෙවත් නිවැරද්‍යතාවය විශ්වකෝෂයක තිබිය යුතු ප්‍රධානතම ඇගයීමයි.විශ්වකෝෂයක දක්වා ඇති තොරතුරු වල නිවැරදි බව අඩු වුවහොත් එමගින් විශ්වකෝෂ වලට ඇති මහජන විශ්වාසයද පලුදු වේ.විශ්වකෝෂයක ඇති තොරතුරු නැවුම් හා සම්පූර්ණ ඒවා ලෙස සැලකීමද මුලාවක් ය.විශාල තොරතුරු ප්‍රමාණයකින් විශ්වකෝෂ සැදුම්ලත් හෙයින් ඇතැම් විට නිවැරදිභාවයෙන් අඩු තොරතුරුද ඇතුලත් විය හැක.එමෙන්ම අඩු මිලකට ලාභ ලැබීමේ චේතනාවෙන් වෙළදපලට ඉදිරිපත් කරන ඇතැම් බාල විශ්වකෝෂ වල සදහන් විශ්ව දැනුම ගැන දෙවතාවක් සිතා බැලිය යුතුය. සමස්ථයක් වශයෙන් ගත් කල විශ්වකෝෂයක ඇති තොරතුරු වල ඉතා ඉහල නිවැරදිභාවයක් ඇත.

  • නිදසුනක් ලෙස බ්‍රිටැනිකා විශ්වකෝෂය සළකමු.පහත දැක්වෙන විස්තර මගින් බ්‍රිටැනිකා විශ්වකෝෂයේ නිවැරදි බව තහවුරු කර ගත හැක.



AuthorAs of 2008, 4,411 named contributors
IllustratorSeveral; initial engravings byAndrew Bell
CountryUnited Kingdom (1768–1901)
United States (1901–present)
LanguageEnglish
SubjectGeneral
GenreReference encyclopaedia
Published
PublisherEncyclopædia Britannica, Inc.
Official site
Publication date
1768–2010 (printed version)
Media type32 volumes, hardbound (15th edition, 2010); now only available digitally
Pages32,640 (15th edition, 2010)
ISBN1-59339-292-3
OCLC71783328
031
LC ClassAE5 .E363 2007
TextEncyclopædia Britannica atWikisource

බ්‍රිටැනිකා විශ්වකෝෂය සියලු අවස්ථාවල දී, සියලු තොරතුරුවිමසා බැලේ. එමෙන්ම බ්‍රිටැනිකා විශ්වකෝෂයෙහි අඩංගු තොරතුරුවෙනත් මූලාශ්‍ර වලින් පරීක්ෂා කළ හැකි වන පරිදි ද සකසා ඇත්තේපාඨකයාට නිවැරදිම තොරතුරු සපයා දීමටය.එමෙන්ම විවිධ පර්යේක්ෂණ කරමින් ,සැබෑ සංඛ්‍යා ලේඛන මත පදනම්ව වෙමින් බ්‍රිටැනිකා විශ්වකෝෂය සකසා ඇත.විද්‍යාතමක පර්යේක්ෂණ ක්‍රම මගින් තහවුරු කළ හැකි ආකාරයකින් තොරතුරු පැහැදිලි ලෙස බ්‍රිටැනිකා විශ්වකෝෂය සකසා ඇත.එමෙන්ම බ්‍රිටැනිකා විශ්වකෝෂයේ උපුටා දක්වන තොරතුරු විශ්වාසී මාර්ග වලින් ලබා ගත් ඒවා වේ.

එසේම වෘත්තීය හා කාර්මික ක්ෂේත්‍රවල පාරිභාෂික වචන හා යෙදුම් භාවිතා කොට තිබෙන්නේ සංකල්පමය වශයෙන් පැවසීමට ව්‍යවහාර ලෙස වචන සොයා ගත නොහැකි විටකදී ය.සාමාන්‍ය උපයෝජකයාගේ විමර්ශනාත්මක තොරතුරු අවශ්‍යතා සපුරාලීමේ අරමුණ ඇති ව සකසා ඇති බ්‍රිතාන්‍ය විශ්වකෝෂයේ අන්තර්ගත තොරතුරු බොහෝ විට නියත හා නිවැරදි ආකාරයට දක්වා තිබීම අගය කළ හැකියි.







Objectivity




Objectivity යන්න සිංහලෙන් හදුන්වනුයේ විෂය මූලිකත්වය නමින් වේ.විශ්වකෝෂයක ශීග්‍රයෙන් වර්දනය වන විෂයයන් පිලිබදව නවතම තොරතුරු ඇතුලත් කරයි.විශ්වකෝෂ ප්‍රධාන වශයෙන් කොටස් 03 කට වෙන් කර හදුනා ගත හැකිය.(Kumara,1987,p.168-169)

1.සියලු විෂය ක්‍ෂෙත්‍රයන්ට අයත් තොරතුරු අඩංගු විශ්වකෝෂ
2.එක් විෂයකට හෝ විෂයයන් කිහිපයකට පමණක් තොරතුරු අඩංගු විශ්වකෝෂ
3.සංක්ෂිප්ත තොරතුරු අඩංගු කර සකස් කරන ලද සංක්ෂිප්ත විශ්වකෝෂ

මෙසේ සෑම විටම විශ්වකෝෂ විෂය මූලිකත්වයෙන් යුතුව  නිර්මාණය වේ.

නිදසුන් ලෙස බුදුදහම විෂයය කර ගනිම්න් බෞද්ධ විශ්වකෝෂය ද,සිංහල බස මුල් කර ගනිමින් සිංහල විශ්වකෝෂයද නර්ථනය මුල් කර ගනිමින් නර්ථන වාග් විශ්වකෝෂයද නිර්මාණය වී ඇත.


  • නිදසුනක් ලෙස බ්‍රිටනිකා විශ්වකෝෂය සළකමු.



වාර්ෂකව පළකරන මෙම විශ්වකෝෂයට පසුගිය වර්ෂයේ වැදගත් සිදුවීම්, නව විෂයයන්, පෞද්ගලික තොරතුරු, ආදී වැදගත් සටහන් අන්තර්ගත වේ.එක ම විෂයයන් ගැන කිහිප තැනක නිදසුන් සදහන්ය.සිතියම් එකතුව මගින් ලෝකයේ සියලුම රටවල් ආවරණය කර තිබේ.මෙහිදී තොරතුරු වඩාත් පැහැදිලි කර ගැනීම සදහා කළුසුදු හා වර්ණ ජායාරූප භාවිතා කර ඇති බැවින් විශ්වකෝෂයේ මුද්‍රණය ඉතාමත් පැහැදිලිතාවයකින් යුක්ත වේ.


මෙහි විෂය අන්තර්ගතය සැළකීමේ දී සම්බන්ධ සියලු කරුණු අන්තර්ගත කිරීමට ප්‍රයන්ත දරා ඇති අතර අදාළ තොරතුරු ද ඒ අනුවම රැස්කර තිබේ.ඒ යටතේ ඉතිහාසය, සංස්කෘතිය, චාරිත්‍රධර්ම, කලා ශිල්ප හා ආගම් හා  වැදගත් වන  පුද්ගලයින් හා ස්ථාන සම්බන්ධයෙන් කරුණු රාශ්‍රියක් ගොනු කිරීමට කටයුතු කර තිබේ. එමෙන්ම පාඨකයාට තේරුම් ගැනිමට හැකි භාෂාවක් ද යොදා ගෙන ඇත.

තවද ග්‍රන්ථයේ භෞතික ස්වරූපය ගැන බැලූ විට හොද තත්වයේ කඩදාසි භාවිතය හා කල් පවත්නා කවරයකින් සකසා තිබීම මෙහි අගය තීවුර කිරීමට බලපා ඇති සාධකයයි






Currency


Currency යනු වලංගු කාලයයි.විශ්වකෝෂයක ලෝකයේ සිදු වූ හා සිදු වන බොහෝ තොරතුරු අඩංගු වේ.
  • නිදසුනක් ලෙස බ්‍රිටනිකා විශ්වකෝෂය සලකමු.

වර්ෂිකව පල කරන මෙම විශ්වකෝෂයට පසුගිය වර්ෂයේ වැදගත් සිදුවීම්,නව විෂයයන්,පුද්ගලික තොරතුරු ආදී වැදගත් සටහන් අන්තර්ගත වේ.24 වන කාණ්ඩයේ අනුක්‍රමනිකාවේ සියලුම විෂය,සැම ස්ථානයකම පුද්ගල නාම අකාරාදී ව පෙළගස්වා පිටු අංක සදහන් කිරීම තුළින් විශ්වකෝෂයට යොමු කිරීමක් සිදු කර තිබේ.එකම විෂයයන් ගැන කිහිප තැනක නිදසුන් සදහන්ය.සිතියම් එකතුව මගින් ලෝකයේ සියලුම රටවල් ආවරණය කිරීමට කටයුතු කර තිබේ.



මෙහිදී විශේෂ ලෙස සදහන් කල යුත්තේ බොහෝ විශ්වකෝෂ තුළ අඩංගු තොරතුරු සෑමදාටම වලංගු වේ.නමුත් අප ජීවත් වන්නේ වෙනස් වන ලෝකයකය.එම නිසා ගෙවෙන ගෙවෙන සෑම තප්පරයක්ම පාසා නැවුම් තොරතුරු සමාජයට එක් වේ.එමෙන්ම යල් පැන ගිය තොරතුරු සමාජයෙන් ඉවත් කළ යුතුය.මේ නිසා ඇතැම් විශ්වකෝෂ තුළ අඩංගු තොරතුරු යල් පැන ගිය තොරතුරු වේ.








Coverage


Coverage යනු ආවරණයයි.නිදසුනක් ලෙස බ්‍රිතාන්‍ය විශ්වකෝෂය සළකමු.

මෙය කාණ්ඩ 30 කින් සමන්විතය.ප්‍රධාන කොටස් 03 කට බෙදා ඇත.එක් කාණ්ඩයකින් සමන්විත පූර්වකෝෂය ලෙසද (Propaedia) 
කාණ්ඩ 10 කින් යුක්ත සූක්ෂමකෝෂය(Micropaedia) 
හා කාණ්ඩ 19 කින් සමන්විත මහාකෝෂයද(Macropaedia) 
වශයෙන් කාණ්ඩ 30 සම්පූර්ණ වේ.බ්‍රිතාන්‍ය විශ්වකෝෂය ප්‍රථම වරට ප්‍රකාශයට පත්කර ඇත්තේ 1768 දී ස්කොට්ලන්තයේ මහත්වරුන්ගේ සංවිධානයක් විසිනි.(The New Encyclopedia Britannica,1989).මුලින්ම කාණ්ඩ 03 කින් සමන්විත කුඩා විශ්වකෝෂයක් වූ අතර 1973 දී පල වූ 14 වන සංස්කරණය වනවිට කාණ්ඩ 24 කින් හා 1974 දී 15 වන සංස්කරණය පළ කරන විට කාණ්ඩ 30 කින් සමන්විත විය.මෙම  විශ්වකෝෂයේ අන්තර්ගත තොරතුරු වල පාලනය සම්බන්ධයෙන් උපක්‍රම දෙකක් උපයෝගී කරගෙන ඇත.ඒ නිරන්තරයෙන්ම සිදුකරන සංශෝධනය හා වාර්ෂිකව කරන සංශෝධනයන්ය.මෙහි දී නිරන්තරයෙන්ම සිදු කරන සංශෝධන යටතේ වෙනස්කම්වලට ලක්වන විෂයයන් වෙනුවෙන් කාලීනව අලුත් කිරීමක් සිදු කරයි.

එමෙන්ම බ්‍රිතාන්‍ය විශ්වකෝෂය කොටස් 03 කින් යුක්ත වේ.

1.ආයෝජන කොටස

2.සංක්ෂිප්ත කොටස

3.විස්තරාත්මක කොටස

 එයින් බ්‍රිතාන්‍ය විශ්වකෝෂයේ නියමුවා වශයෙන් කටයුතු කරන්නේ ආයොජන කොටසයි.මෙය සමස්ථ මානව දැනුමේ සංක්ෂිප්ත විස්තරයක්  ලෙස හදුන්වා දිය හැකිය.මේ ආකාරයෙන් සමස්ථ මානව දැනුම ප්‍රධාන තොටස් 10 කටත් ඒවා අනු කොටස් 42 ක් හා තවත් අනු කොටස් 189 කට වෙන්කොට දක්වා ඇති අතර ඒවායේ දීර්ඝ විස්තර වෙනුවෙන් විස්තරාත්මක කොටසට  යොමුකර තිබේ.උපයෝජකයාට තොරතුරු තරා පිවිසීමේ ශ්‍රීඝතාව සදහා පිටු අංකයට අමතරව පිටුවේ එම විස්තරය අඩංගු කෙටසක්ද දක්වා තිබීම හේතුවෙන් තොරතුරු ගවේෂණයට ද අපහසුවක් නොමැත.

බ්‍රිතාන්‍ය විශ්වකෝෂයේ අන්තර්ගත විෂයයන් අකාරාදී අනුපිළිවෙලකට ගොනුකර ඇත්තේ සංක්ෂිප්ත කොටසයි.මෙම කොටසින් විශ්වකෝෂයේ අන්තර්ගත ඒ ඒ විෂයයන් පිළිබද වදන් 800 ක් පමණ ඉදිරිපත් කර තිබේ.වැඩිදුර විස්තර සදහා විස්තරාත්මක කොටස පරිහරණය සදහා යොමු කිරීමක් මේ තුළින් සිදු වේ.මෙයට කාණ්ඩ 10 ක් වෙන් කර ඇති අතර සාමාන්‍ය විමර්ශන වලට අවශ්‍ය තොරතුරු  සැපයීම මෙහි ඇති මුඛ්‍ය පරමාර්ථය වේ.මේ හේතුවෙන් සංඛ්‍යා ලේඛණ, චිත්‍ර සටහන් හා වක්‍ර ආදිය අන්තර්ගත වන්නේ මෙම කොටසේ බැවින් බ්‍රිතාන්‍ය විශ්වකෝෂයේ මේ කොටසට විශේෂත්වයක් හිමි වේ. බ්‍රිතාන්‍ය විශ්වකෝෂයේ ප්‍රධානමතම කොටස වන මෙහි විස්තරාත්මක දිගු ලිපි හා සටහන් ඇතුළත් කර ඇත්තේ විස්තරාත්මක කොටස තුළයි.ඒ සදහා වෙළුම් 19 ක් වෙන්කර ඇත.මෙහි දීර්ඝ ලිපි 4500 ක් පමණ ඇතුළත් වන අතර ලිපියකට අඩංගු අවම වචන සංඛ්‍යාව 1000කට නොවැඩිය.ඉතා වැදගත් සිදුවීම් හා නව ප්‍රවණතා සම්බන්ධයෙන් සැකසූ ලිපි බොහෝමයක් නව සංස්කරණවල අන්තර්ගත හෙයින් එහි කාලීනභාවය රැක ගැනීමට ප්‍රයත්නයක් දරා තිබේ.නියෝජන කොටස තුළින් විෂයානු පිළිවෙල හා අකාරාදී අනුපිළිවෙල හේතුවෙන් උපයෝජකයන්ට අවශ්‍ය විස්තර ක්ෂණිකව සොයා ගැනීමට පහසුවක් ඇති වේ.මෙම කොටස සදහා අනුක්‍රමණිකාවක් නොමැති අතර එය මෙහිදී දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි.



බ්‍රිතාන්‍ය විශ්වකෝෂ


බ්‍රිතාන්‍ය විශ්වකෝෂය 


මෙම විශ්වකෝෂය තරමක් මිල අධික බැවින් ශ්‍රී ලංකාවේ පුස්තකාල හා තොරතුරු මධ්‍යස්ථාන කිහිපයක පමණක් දැකිය හැකිය.එසේම ප්‍රධාන පෙළේ විමර්ශන පුස්තකාල විශ්ව විද්‍යාල පුස්තකාල පර්යේක්ෂණ මධ්‍යස්ථාන හා විශේෂ පුස්තකාලවලට මෙය මිලදී ගත හැකිය.

තවද දිවයිනේ ඇති ප්‍රධාන පෙළේ මහජන පුස්තකාලවල විමර්ශන අංශවලට ද මෙය මිළදී ගෙන හෝ පරිත්‍යාග වශයෙන් අත්පත් කර ගෙන තිබිය හැකිය.කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය විශ්වකෝෂය ද මිමර්ශන පුස්තකාලයක තිබිය යුතු වටිනා මුලාශයක් වශයෙන් කැපී පෙනෙයි.මෙහි නව සංස්කරණය ලබා ගැනීමට හැකියාව ඇත්නම් එය වඩාත් යහපත් ලක්ෂණයකි.



වර්තමානය වන විට විශ්වකෝෂ මාර්ගගත එනම් online ලෙසද අන්තර්ජාලයට එක් වී ඇත.නිදසුනක් ලෙස බ්‍රිතාන්‍ය විශ්වකෝෂය හදුන්වා දිය හැක.

පහත පින්තූරය යටින් දී ඇති ලින්ක් එක ක්ලික් කිරීමෙන් ඔබට ද බ්‍රිතාන්‍ය විශ්වකෝෂය Online  භාවිතා කිරීමට මෙම බ්ලොග් අඩවිය හරහා අවස්ථාව හිමි කර දී ඇත.



පොදුවේ සළකා බැලූවිට බ්‍රිතාන්‍ය විශ්වකෝෂය අනෙකුත් විශ්වකෝෂ වලින් වෙනස් වීමට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ.එනම් ආකල්පමය හා ප්‍රමාණාත්මක අතින් අපක්ෂපාතීත්වයක් පවත්වා ගෙන යාමට දරා ඇති උත්සාහයයි.එසේම වෘත්තීය හා කාර්මික ක්ෂේත්‍රවල පාරිභාෂික වචන හා යෙදුම් භාවිතා කොට තිබෙන්නේ සංකල්පමය වශයෙන් පැවසීමට ව්‍යවහාර ලෙස වචන සොයා ගත නොහැකි විටකදී ය.සාමාන්‍ය උපයෝජකයාගේ විමර්ශනාත්මක තොරතුරු අවශ්‍යතා සපුරාලීමේ අරමුණ ඇති ව සකසා ඇති බ්‍රිතාන්‍ය විශ්වකෝෂයේ අන්තර්ගත තොරතුරු බොහෝ විට නියත හා නිවැරදි ආකාරයට දක්වා තිබීම අගය කළ හැකියි.තවද ග්‍රන්ථයේ භෞතික ස්වරූපය ගැන බැලූ විට හොද තත්වයේ කඩදාසි භාවිතය හා කල් පවත්නා කවරයකින් සකසා තිබීම මෙහි අගය තීවුර කිරීමට බලපා ඇති සාධකයයි.අන්තර්ජාතිකව ගත් කල ලෝකයේ බොහෝ රටවල් ගණනාවකම භාවිතයට ගනු ලබන්නේ බ්‍රිතාන්‍ය විශ්වකෝෂයයි.එබැවින් එය ද උපයෝජකයාට මෙම කෘතිය හා එහි අන්කර්ගතය සම්බන්ධයෙන් විශ්වාස තැබීමට අවකාශයකි.

Sunday, July 3, 2016

අප ඉගෙන ගත් දෑ


මෙම පැවරුම සිදු කිරීම මගින්,




  • විශ්වකෝෂයක් යනු කුමක්ද?
  • විශ්වකෝෂ වර්ග මොනවාද?
  • විශ්වකෝෂයක සීමා මොනවාද?
  • විශ්වකෝෂයක වාසි හා අවාසි මොනවාද?  යන්න පිළිබද පුළුල් අවබෝධයක් ලබා ගතිමි.තවද පැවරුමකට අවශ්‍ය තොරතුරු අන්කර්ජාලය උපයෝගී කර ගනිමින් ලබා ගන්නා ආකාරය හා ලබා ගත් තොරතුරු නිසියාකාරව භාවිතා කරන ආකාරය පිළිබදව අවබෝධයක් ලබා ගතිමි.