Encyclopedia

Encyclopedia

Tuesday, July 5, 2016

හැදින්වීම


Hs/2014/0019
K.Samith Darshana
LiSC11222 
Department of Library Science
University of Kelaniya



තොරතුරු මූලාශ්‍ර වර්ථමානයේදී මිනිසාට අත්‍යවශ්‍ය දෙයකි.දෛනිකව මිනිසාට තොරතුරු වලින් බැහැර විය නොහැක.මොහොතින් මොහොත ලොව පුරා සිදුවන නවමු සිදුවීම් දැන ගැනීමේ අදහසින් මිනිසා ජීවත් වෙයි.මේ නිසාම තොරතුරු මූලාශ්‍ර යන්න මිනිසාගේ ප්‍රබල සාධකයකි.ලේඛණ කලාවේ විකාශයක් සමග තොරතුරු මූලාශ්‍ර බිහිවීමේ සංධිස්ථාන 02 කි.

01.තායිලුන්ගේ කඩදාසිය සොයා ගැනීම
02.ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම

මෙසේ බිහි වූ තොරතුරු මූලාශ්‍ර වලින් එකක් වන විශ්වකෝෂ ලොව පුරා ඇති දැනුම ගබඩා කර ඇති මහා ධාන්‍යාගාරයක් වැනිය.මෙම බ්ලොග් අඩවිය මගින් විශ්වකෝෂ පිළිබද ඇගයීමක් සිදු කරයි.එම විශ්වකෝෂ අතරින් බ්‍රිතාන්‍ය  විශ්වකෝෂය පිලිබදව සාකච්චා කෙරේ. 





විමර්ශන සේවාව සදහා තොරතුරු සැපයීමට උදවු වන තවත් විශේෂ විමර්ශන මුලාශ්‍ර වර්ගයක් ලෙස කෝෂ ග්‍රන්ථ යටතේ මෙම විශ්වකෝෂ හැදින්විය හැක.සමස්ථ මානව දැනුම කිසියම් අයුරකින් සංවිධානය කොට වාර්තාගත කිරීම විශ්වකෝෂයක ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථය වේ. 

ඒ අනුව අත්හදා බැලීම් අත්දැකීම් හා සොයා ගැනීම්වල ප්‍රතිඵලයක් වශයෙන් විවිධ විෂය ක්ෂේත්‍ර වල ඉතා පුලුල් ගැඹුරු හා සංකීර්ණ ‍දැනුම් සම්භාරයක් ගොඩනගා ගෙන සකස් කර ඇති විශ්වකෝෂ වලින් ක්ෂණිකව  ‍තොරතුරු සොයා ගැනීමට පහසුවක් වෙයි.මෙහිදී උපයෝජකයාට අවශ්‍ය සියලුම තොරතුරු සැපයීමට නම් විශ්වකෝෂ බොහෝමයක් අවශ්‍ය වන්නේය.

විශ්වකෝෂයක අන්තර්ගත වන්නේ මානව දැනුමේ සැලකිල්ලක් හෙයින් කිසියම් විෂයයක් යටතේ තොරතුරු ගවේෂණය කරන්නෙකුට මෙම සැලකිල්ල පාදක කොටගෙන ඉතා ගැඹුරුන් තොරතුරු සෙවිය හැකිය.ඒ සදහා විශ්වකෝෂ ද විශාල මග පෙන්වීමක් කරයි.එබැවින් විශ්වකෝෂයකින් කෙරෙන්නේ දැනුම් සම්බාරය තෝරා ගත් විෂය ශීර්ෂයන් යටතේ කිසියම් අනුක්‍රමික අනුපිළිවෙලකට ඉදිරිපත් කිරීමයි.මේවා සම්පාදනය කිරීමේ දී විශේෂ කාර්යභාරයක් හා වගකීමක් සම්පාදකවරුන්ට හිමි වේ.ඒ අනුව මානව දැනුම විවිධ විෂයයන්ට වෙන්කර අදාළ විෂයයන් යටතේ සිටින ප්‍රවීණයන් ලවා සකස් කරවා ගැනීම හේතුවෙන් විශ්වකෝෂයක් තරමක් විශාලවීම වැළැක්විය නොහැක.එසේ හෙයින් ප්‍රධාන විශ්වකෝෂ බොහෝමයක් කාණ්ඩ කිහිපයකින් සකස් කර ඇති බව සුලභව දැකිය හැක.එසේම ඉහත ආකාරයට විශ්වකෝෂයකට ඇතුලත් විය යුතු විෂයයන් යටතේ තොරතුරු සංඛ්‍යාත්මකවද විශාලය.එබැවින් විශාල රචනා සංග්‍රහයකින් අවශ්‍ය තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීමට නම් ඒවා කිසියම් ප්‍රමිතියකට ඇතුලත් විය යුතු වේ.සාමාන්‍යයෙන් විශ්වකෝෂයක භාවිතා කරන රචනා අනුපිළිවෙල නම් අකාරාදි ක්‍රමයයි.එහෙත් සමහර විට මෙම ක්‍රමයද සියලුම ශීර්ෂයන් වෙත උපයෝජක අවධානය යොමු කිරීමට සමත් නොවේ.ඒ ආකාරයෙන් මනාව සකස් කරන ලද විශ්වකෝෂයක් විමර්ශන සේවාවේ කොදු ඇට පෙළ ලෙස හැදින්විය හැකිය.

තවද විමර්ශන සේවාවේ ජීවනාලිය විශ්වකෝෂය බවද විවිධ විද්වතුන් ප්‍රකාශ කර ඇති බැවින් මේ තුළින් විමර්ශන සේවාවට ලැබෙන පිටිවහල ඉතාමත් සුවිශාල බව පෙනේ.


විශ්වකෝෂ වර්ග

විශ්වකෝෂ ප්‍රධාන වශයෙන් කොටස් 03 කට වෙන් කර හදුනා ගත හැකිය.(Kumara,1987,p.168-169)

1.සියලු විෂය ක්‍ෂෙත්‍රයන්ට අයත් තොරතුරු අඩංගු විශ්වකෝෂ
2.එක් විෂයකට හෝ විෂයයන් කිහිපයකට පමණක් තොරතුරු අඩංගු විශ්වකෝෂ
3.සංක්ෂිප්ත තොරතුරු අඩංගු කර සකස් කරන ලද සංක්ෂිප්ත විශ්වකෝෂ

යනුවෙන් වර්ග කර දැක්විය හැකිය.පුස්ථකාල හා විඥාපන ක්ෂේත්‍රයට අනුව ග්‍රන්ථ විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කිරීමේදී ග්‍රන්ථ වර්ගීකරණයට ලක් වේ.මෙසේ කරනුයේ උපයෝජකයන්ට තොරතුරු කරා ප්‍රවේශ වීමේ පහසුව සලකා ගෙනය.

තවද ඉහත සංක්ෂිප්ත විශ්වකෝෂ ද කාණ්ඩයකට හෝ දෙකකට සීමාවිය හැක.මෙහිදී සංක්ෂිප්ත විස්තරයක් පමණක් පාදක කරගෙන හා තොරතුරු රැස්කර ගෙන අනුපිළිවෙලකට ගොනුකර සම්පාදනය කර ඇත.කෙසේ වතුදු විමර්ශන අංශයක තිබිය යුතු ක්ෂණික ව තොරතුරක් සැපයීය හැකි විමර්ශන මූලාශ්‍ර ලෙස උපයෝජකයන්ට ඉතා විශාල මෙහෙයක් මේ තුලින් ඉටුකර ගත හැක.මේ ආකාරයට කාලයෙන් කාලයට විශ්වකෝෂ රැසක් බිහි වෙමින් පවතී.එසේම නව විෂයයන් පිලිබදව පැහැදිළි විස්තරයක්, විග්‍රහයක් අත්කර ගැනීමට  මෙම විශ්වකෝෂ උදවු වන හෙයින් කිසියම් විෂයයක් යටතේ සාහිත්‍ය ගවේෂණයක් කිරීමට හෝ විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධව උපයෝජකයාට ලබා ගත හැකි තොරතුරුවල ප්‍රගතිය පිලිබදව සැළකිල්ලක් හෙවත් විග්‍රහයක් සැපයීමට විශ්වකොෂවලින් ඉටුවන මෙහෙය අති විශාල ය.


විශ්වකෝශයක සිමා

විශ්වකෝෂයක් මගින් උපයෝජකයාට අවශ්‍ය කරන සෑම තොරතුරක් සැපයීමට අපහසුය.එයින් ලැබෙන තොරතුරු යම් යම් විෂයයන් සම්බන්ධයෙන් පලකොට ඇති තොරතුරු නැවුම් හා සම්පූර්ණ ඒවා ලෙස සැලකීමද මුලාවක් වෙති.

ශීග්‍රයෙන් වර්දනය වන විෂයයන් පිලිබදව නවතම තොරතුරු ඇතුලත් කිරීමට විවිධ විශ්වකෝෂ නොයෙක් ක්‍රියාමාර්ග ගෙන ඇතත් විෂය ඥානයේ ශිග්‍ර වර්ධනය එයට අභියෝගයක් වී ඇත.

හොද විශ්වකෝෂයක් නිබන්ධ සම්පාදනය සදහා තෝරා ගන්නේ ඒ ඒ විෂයයන් සම්බන්ධ විශාරදයන් ය.නමුත් වාණිජ පරමාර්ථයන් සදහා සකස් කරනු ලබන ඇතැම් විශ්වකෝෂ අවම මිලකට විවිධ පුද්ගලයන් විසින් රචනා කර ඇති බව වර්තමාන වෙළද පොළ දෙස විමසිල්ලෙන් බැලීමේදී මනාව දිස්වේ.මෙහිදී විශේෂඥයින් පවා සමහර විට සීමාසහිත ඥානය වැනි දුර්වලකම් හේතුවෙන් විවිධ විෂයයන් සම්බන්ධයෙන් පූර්ණ දැනුමක් ලබා ගැනීමට අපොහොසත් වන අවස්ථා එමටය.

නිගමනයන්ට නො එලඹි නොයෙක් විෂයයන් සම්බන්ධයෙන් විවිධ ආකල්පයන් අන්තර්ගත වන සේ විශ්වකෝෂයක් සැකසීම අසීරු වේ.මතභේදයට තුඩු දෙන විෂයයන් ගැන විවිධාකාරයේ ආකල්ප ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කිරීම තුළින් ඇතැම් විශ්වකෝෂ දේශපාලනික හා ආගමික වැනි කරුණුවලදී ස්වකීය ආකල්පයන් අවධාරණය කරවිය හැක.

සෑම මට්ටමක උපයෝජක අවශ්‍යතා සපුරාලීමට විශ්වකෝෂයකට කිසිසේත් අපහසුය.ඒ අනුව පොදු උපයෝජක අවශ්‍යතා සපුරාලන විශ්වකෝෂයකට විශේෂ හෝ ළමා අවශ්‍යතා සපුරාලිය නොහැකිය.මෙවැනි සීමාකාරී සාධක හේතුවෙන් එක් විශ්වකෝෂයකින් පමණක් පුස්ථකාලයක අවශ්‍යතා සපුරාලිය නොහැකිය.එබැවින් විශ්වකෝෂ කිහිපයක් හෝ විමර්ශන අංශයක තිබීම වැදගත් වේ.

සාමාන්‍ය වශයෙන් හෝ පොහොසත් එකතුවක් ඇති විමර්ශන පුස්ථකාලයකදී හෝ අංශයකදී බහුලව දැකිය හැකි විශ්වකෝෂ කිහිපයක් පහත පරිදි වේ.

1.සිංහල විශ්වකෝෂය
2.බෞද්ධ විශ්වකෝෂය
3.දෙමළ විශ්වකෝෂය
4.බ්‍රිතාන්‍ය විශ්වකෝෂය
5.ඇමරිකන් විශ්වකෝෂය
6.ළමා හා යොවුන් විශ්වකෝෂය
7.පුස්ථකාල හා විඥාපන විද්‍යා විශ්වකෝෂය
8.පාසැල් විශ්වකෝෂය
9.සිංහල කුරුලු විශ්වකෝෂය
10.ශුද්ධ බයිබලය විශ්වකෝෂයක
11.නර්ථන වාග් විශ්වකෝෂය
12.විශ්ව ඥානකෝෂය
13.බුදුගුණ නාමාවලී බුද්ධනාම විශ්වකෝෂ
14.The Hutchinson Encyclopedia


15.The Guinness Encyclopedia of World History

16. Encyclopedia of Commerce & Management

17. Encyclopedia of Energy

18.The Encyclopedia of Life Science

19. Encyclopedia of Disaster Management

20.The  Focul Encyclopedia of Photography

21.International  Encyclopedia  of Buddhism

22.The Encyclopedia of Visual Arts

23. Encyclopedia of Environmental  Science



24.The Great Book of Archeology 



0 comments:

Post a Comment