Encyclopedia

Encyclopedia

Sunday, July 3, 2016

සාරාංශය


  • ලේඛණ කලාවේ විකාශයක් සමග තොරතුරු මූලාශ්‍ර බිහිවීමේ සංධිස්ථාන 02 කි.

  1. තායිලුන්ගේ කඩදාසිය සොයා ගැනීම
  2. ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම



  • සමස්ථ මානව දැනුම කිසියම් අයුරකින් සංවිධානය කොට වාර්තාගත කිරීම විශ්වකෝෂයක ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථය වේ. 

  • විශ්වකෝෂයකින් කෙරෙන්නේ දැනුම් සම්බාරය තෝරා ගත් විෂය ශීර්ෂයන් යටතේ කිසියම් අනුක්‍රමික අනුපිළිවෙලකට ඉදිරිපත් කිරීමයි.

  • විමර්ශන සේවාවේ ජීවනාලිය විශ්වකෝෂයයි.

  • විශ්වකෝෂ ප්‍රධාන වශයෙන් කොටස් 03 කි.

  • තොරතුරු මූලාශ්‍ර සංකල්ප පහක් යටතේ පැහැදිලි කළ හැකිය

1.Authority - සාධිකාරීත්වය
2.Accuracy - නිවැරද්‍යතාවය
3.Objectivity - විෂය මූලිකත්වය
4.Currency - වලංගු කාලයයි
5.Coverage - ආවරණයයි


බ්‍රිතාන්‍ය විශ්වකෝෂය 

  • පොදුවේ සළකා බැලූවිට බ්‍රිතාන්‍ය විශ්වකෝෂය අනෙකුත් විශ්වකෝෂ වලින් වෙනස් වීමට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ.එනම් ආකල්පමය හා ප්‍රමාණාත්මක අතින් අපක්ෂපාතීත්වයක් පවත්වා ගෙන යාමට දරා ඇති උත්සාහයයි.එසේම වෘත්තීය හා කාර්මික ක්ෂේත්‍රවල පාරිභාෂික වචන හා යෙදුම් භාවිතා කොට තිබෙන්නේ සංකල්පමය වශයෙන් පැවසීමට ව්‍යවහාර ලෙස වචන සොයා ගත නොහැකි විටකදී ය.සාමාන්‍ය උපයෝජකයාගේ විමර්ශනාත්මක තොරතුරු අවශ්‍යතා සපුරාලීමේ අරමුණ ඇති ව සකසා ඇති බ්‍රිතාන්‍ය විශ්වකෝෂයේ අන්තර්ගත තොරතුරු බොහෝ විට නියත හා නිවැරදි ආකාරයට දක්වා තිබීම අගය කළ හැකියි.තවද ග්‍රන්ථයේ භෞතික ස්වරූපය ගැන බැලූ විට හොද තත්වයේ කඩදාසි භාවිතය හා කල් පවත්නා කවරයකින් සකසා තිබීම මෙහි අගය තීවුර කිරීමට බලපා ඇති සාධකයයි.අන්තර්ජාතිකව ගත් කල ලෝකයේ බොහෝ රටවල් ගණනාවකම භාවිතයට ගනු ලබන්නේ බ්‍රිතාන්‍ය විශ්වකෝෂයයි.එබැවින් එය ද උපයෝජකයාට මෙම කෘතිය හා එහි අන්කර්ගතය සම්බන්ධයෙන් විශ්වාස තැබීමට අවකාශයකි.

0 comments:

Post a Comment