ඔහුගේ දෙමාපියන්ගේ ජිවොනොපය වුයේ කෘෂිකර්මන්තයි
රන්ගනදන්ගේ කුඩා කාලයේදීම ඔහුගේ පිය මිය ගියේය
එසේ වුවද මව සිතා ලක්ෂ්මි පුතුගේ අධයපනය දුෂ්කරතා මද්‍යය්යේ වුවද පවත්වාගෙන ගියේය
1916 දී රංගනාදන් ගණිතය පිළිබද ශාස්ත්‍රවෙදී උපාධියත් 1921 දී රංගනාදන් ගණිතය පිළිබද ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්තේය
1921 දී මදුරාසියේ විදුහලක ගණිතය පිළිබද සහය මහාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමට හැකියාව ලැබුණි .නමුත් ටික කලක් යන විට ආර්ථික දුෂ්කරතා ඇති වුනු නිසා ඔහු එයින් ඉවත් වුනි
1924 දී මදුරාසියේ විශ්ව විද්‍යාලයේ පුස්තකලදිපති ලෙස පත් වුනි .නමුත් ඉතා කෙටි කලකින් ඔහුට එම රැකියාව එපා වුනි.එයට ඔහු හේතු ලෙස පහද දුන්නේ එම පුස්තකාලය අදුරු ගුහාවක් බවත් පටකයන්ගේ පැමිණීම දුර්වල බවත්ය .එම නිසා ඔහු නැවතත් තම පරණ විදුහල කර යාමට පෙලබුනි
එසේ වුවද 1924 දී පුස්තකාල විද්‍යාව පිළිබද වැඩිදුර හැදෑරීම සදහා ඔහුව එංගලන්තයට යැවීමට මදුරාසි විශ්ව විද්‍යාලය කටයුතු කළේය
එංගලන්තයේදී ඔහුට ඩබ්.සී.බී.සේයර්ස් නම් ප්‍රමුක පෙලේ මහාචාර්ය වරයා හමු වීමට ලැබුණි.ඔහු එතුමා යටතේ අද්‍යාපනය හැදෑරුවේය
1925 දී ඔහු නවතම වර්ගීකරණයක් සොයා ගත්තේය.ඒ සදහා සාදක වුයේ ඔහු එංගලන්තයේ ලන්ඩන් නුවරදී දුටු එක්තරා සෙල්ලම් බාන්ඩයකි.එය එංගලන්තයේදී අත්හදා බැලීමට නොහැකි නිසා ඔහු නැවතත් ඉන්දියාවට පැමිණියේය
ලන්ඩන් සිට මදුරාසි බල ඔහු පැමිණියේ දුමනා නම් නැවෙනි.එම නැවේ තිබුණු පොත් 3000ක් ඔහුගේ නව වර්ගීකරනය යටතේ වර්ග කෙරුණි .එසේ ඔහුගේ නව වර්ගීකරණය ක්‍රියාවට නැගුනේ ජංගම පුස්තකාලයක් තුලදීය
රංගනාදන් නැවත මදුරාසි විශ්ව විද්‍යාලයට පැමිණීමෙන් පසුව නව සංකල්ප පුස්තකාල විද්‍යාවට ඇතුලත් කළේය
1.පුස්තකාලය විවුර්ත කරන වේලාවන් දිගු කිරීම
2.විමර්ශන සේවය වර්දනය කිරීම
3.වසර තුල පුස්තකාලය වස දමන දින ගණන හැකි පමණින් අඩු කිරීම
රංගනාදන් මදුරාසි විශ්ව විද්‍යාලයේ සේවය කරන කාලේදී එකදු අනියම් නිවදුවක්වත් නොගත්තේය.ඔහුගේ විවාහ දිනයේ සවස් වරුවේද පැය 2ක් පුස්තකාලයේ සේවය කළේය
1945 දී ඔහු මදුරාසි විශ්ව විද්‍යාලයෙන් විශ්‍රාම ගත්තේය .ඒ බව දැනගත් දිල්ලි හා බරණැස හින්දු විශ්ව විද්‍යාල වල උප කුලපතිවරුන් ඔහුට තම විශ්ව විද්‍යාල වෙත් පැමිණෙන ලෙස ආරාධනා කළහ .බරණැස හින්දු විශ්ව විද්‍යාලයේ උපකුලපති හා රංගනාදන් අතර තිබුණු පුද්ගලික සබදතාවක් නිසා ඔහු එම විශ්ව විද්‍යාලය වෙත ගියේය .
රංගනාදන් මදුරාසි විශ්ව විද්‍යාලයට කල සේවයට වැඩ වැඩි සේවයක් බරණැස හින්දු විශ්ව විද්‍යාලය සදහා කළේය.එහිදී ඔහු පුස්තකාල විද්‍යාව පිළිබද අධ්‍යන අංශයක් ආරම්බ කළේය.ඒ සදහා විවිද පටමල ආරම්බ කළේය.දිනපත් උදේ 6 ට විශ්ව විද්‍යාලයට ඇතුල් වූ ඔහු රාත්‍රී 10 වන තෙක් එහි සේවය කළේය.
දිනක් රංගනාදන් සමග වැඩ කිරීමට අකමැති වූ සේවකයන් ඔහුට විරුද්දව විරෝදත පෙළපාලියක් පැවැත්වුයේය.රංගනාදන් තම ශ්‍රමයෙන් ගොඩනගාගත් පුස්තකාලය ටමටම එරෙහි වීම ගැන කලකිරී එන් ඉවත් විය.
ඉන්පසු ඔහු දිල්ලි විශ්ව විද්‍යාලයේ පර්යේක්ෂණ මහාචාර්යවරයෙකු ලෙස සේවය කළේය.එහිදී පොදු රාජ්‍ය මණ්ඩලිය රටක ප්‍රථම වරට පුස්තකාල විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති පාටමාලාවක් 1947 දී ආරම්බ කළේය .
ඉන්දියාවේ ප්‍රදාන පුස්තකාල වේදීන් සමග සැම ඉරිදා දිනකම ඔහුගේ නිවසේදී පුස්තකාල විද්‍යාව පිළිබද සංවාද පැවැත්තුවේය.
1950 දශකයේ රංගනාදන් පුස්තකාල විද්‍යාව විෂය ක්ෂේත්‍රයෙහි නැතිවම බැරි පුද්ගලයෙක් විය .සැම ජාත්‍යන්තර සමුළුවකදීම ඔහුට ආසනයක් ලැබුනේ ඒ නිසාවෙනි .
1957 දී පුස්තකාල විද්‍යාව පිළිබද පදනමක්ද බිහි කළේය.ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බාහිර ලෝකයේ පුස්තකාල විද්‍යාවපිලිබදව පදනමක් ප්‍රථම වරට බිහි කලේ රන්ගනදන්ය .
1950 දශකයේදී පුස්තකාල විද්‍යාව පිළිබද අද්‍යන ආයතන රැසක් ආරම්බ කළේය .
1928 දී පුස්තකාල විද්‍යාව පිළිබද නීති 5 ක් පෙන්වා දී පුස්තකාල විද්‍යාවට විද්‍යාත්මක පදනමක් ලබා දුන්නේය .එම නීති 5 නම්
1.සැම පාටකයෙකුටම පොතක් තිබිය යුතුය .
2.සැම පොතකටම පාටකයෙකු සිටිය යුතුය.
3.පාටකයාගේ කාලය ආරක්ෂා කල යුතු වේ .
4.පුස්තකාලය යනු වැඩෙන ආයතනයකි.
5.පොත් ඇත්තේ බාවිතය සදහාය.
වර්ගිකෘති සුචි පත්‍රිකා හා දාම අනුක්‍රමනිකා ක්‍රමය ලොවට මුල් වරට හදුන්ව දුන්නේ රන්ගනාදන්ය.
පුස්තකාල කලමනාකරණය පිළිබද නව අකල්පද ඉදිරිපත් කළේය.
දිනපත් උදේ සැතපුම් 2 ක් විවිද පුස්තකාලවේදීන් සමග ඇවිද යන විට පුස්තකාල විද්‍යාවේ දියුණුව ගැන සාකච්චා කිරීමටද ඔහු අමතක නොකළේය.
ඔහුගේ ජිවිතයේ අවසාන කාලය බොන්කිටිස් රෝගයෙන් පෙලුන අතර එහිදීද ඔහු ලෙඩ ඇදෙ සිටම බන්ගලොරයේ මහජන පුස්තකාලය පිළිබද සම්මන්ත්‍රණයක් සංවිදානය කළේය.
1972 දී ඔහු මිය ගියේය.
0 comments:
Post a Comment