Encyclopedia

Encyclopedia

පුස්තකාල වර්දනය තුලින් සමාජ සංවර්දනය




මානව ශිෂ්ටාචාරයේ ආරම්බයේ සිටම එක් පරපුරක් සතු දැනුම තවත් පරපුරක් වෙත උරුම කරමින් සමාජ සේවයක් ඉටු කරන ආයතනයක් ලෙස පුස්තකාලය හැදින්විය හැක.

අතීතයේ මැටි පුවරු ලබා ගෙන තිබු ස්ථානය වර්තමානයේ පුස්තකාලවල පරිගණකය හිමි කර ගෙන ඇත.

අතීත පුස්තකලදිපතිවරුන්ගේ ප්‍රදාන දර්ශනය වූ ආරක්ෂණ පිළිවෙත වෙනුවට වර්තමානයේ සමාජ සේවය මුලික වී ඇත.

ඕනෑම රටක ජනතාවගේ අද්යාත්මික වරදානයක් හේතු කොට ගෙන බෞතික සන්වර්දනයක්  ඇති කිරීමෙහිලා මහගු බලයක් පුස්තකාලය සතුය.

නුතනයේ අප ජිවත්වන වෙනස් වන සමාජයේ එම වෙනස්කම් ජනතාව වෙත ගෙන යන්නේද පුස්තකාලයී.

පුස්තකාලය තුල අතීත මෙන්ම වර්තමාන සිතුම් පැතුම් වලට අනුව ලිය වුනු පොත් පත් දක්නට ඇත.

ඒ අනුව පුස්තකාලය යනු මානව දැනුම ගබඩා කර තිබෙන මහා ධාන්‍යගාරයකි.



ඕනෑම දේශයක ජනතාවගේ සිතුම් පැතුම් වෙනස් කිරීමෙහිලා හා හැඩ ගැස්සිමෙහිලා පුස්තකාලය ඍජු බලපෑමක් කරන බව රාජ්‍ය පාලකයන් පවා පිලි ගෙන ඇති බව ඉතිහාසය දෙස බලන විට පෙන්නුම් කරයි.උදාහරණ ලෙස හිට්ලර් ජර්මනියේ නාසි පක්ෂයත් සමග බලයට පත් වූ විට ජර්මනියේ පුස්තකාලවල තිබු හිට්ලර්ගේ අදහස් වලට විරුද්ද අදහස් ඇති පොත් පත් සියල්ල විනාස කර දැමුවේය.1917 දී රුසියානු විප්ලවයෙන් පසුව බලයට පත්වූ පාලක පක්ෂයද මෙලෙස තම පක්ෂයට විරුද්ද පොත් පත් විනාස කළහ.එමෙන්ම ජර්මනියේ යුද්දෙන් පස්සේ බලයට පත් වූ කොමියුනිස්ට් පක්ෂයද තම පක්ෂයට විරුද්ද වූ පොත් විනාස කළහ.2 ලෝක යුද්දයේදී ජර්මනිය ප්‍රංශය ආක්‍රමණය කල පසු ප්‍රංශයේ සිටි පුස්තකලදිපති වරුන්ටද හිරි හැර කළහ.මේ සියලු ඉතිහාස කරුණු වලින් හෙළි වන්නේ පුස්තකාලයට මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් කල හැකි බවයි.

වර්තමානයේ තම අයිතීන් අහිමි කළු ජාතිකයන් තම අයිතිවාසිකම් දින ගැනීමට උපකාරී කර ගන්නේ පුස්තකාලයී.

එමෙන්ම දුප්පත්කමින් පෙලෙන ආසියා ,අප්‍රිකා,ලතින් ඇමෙරිකා රටවල් තම දුප්පත්කමින් නිදහස් වීමට උපකාරී වීමට උදවු කරන්නේද පුස්තකාලයී.

පුස්තකාලය වෙනුවෙන් දරන පපිරිවැයේ ප්‍රතිලාබය වනුයේ යහපත් පුරවැසියන්ය.




0 comments:

Post a Comment